දෙමාපිය සහ සිසු ප්රශ්නෝත්තර Guide
ICT විෂය තෝරාගැනීම, O/L විභාගය, AI තාක්ෂණය, පරිගණක සහ Smart Phone භාවිතය පිළිබඳ දෙමාපියන් සහ සිසුන් නිතර අසන ප්රශ්න සඳහා නිල පැහැදිලි කිරීම්
• විෂය පථය පාසලට පමණක් සීමා නොවේ: අද වන විට ඕනෑම ක්ෂේත්රයක උසස් රැකියාවකට පරිගණක සාක්ෂරතාවය අනිවාර්යයි. පාසලේ නොතිබුණත් ඉගෙන ගැනීම අත්යවශ්ය වේ.
• බාහිර අයදුම්කරුවෙකු (Private Candidate) ලෙස පෙනී සිටීමේ හැකියාව: පාසලේ නොමැති වුවද O/L විභාගයට බාහිරව පෙනී සිට ඉහළ සාමාර්ථයක් (A) ලබාගත හැක.
• අනෙක් විෂයන්ට ලැබෙන සහයෝගය: අන්තර්ජාලය සහ තාක්ෂණය නිවැරදිව භාවිතා කරමින් අනෙකුත් විෂයන්ට (විද්යාව, ගණිතය) අදාළ කරුණු සෙවීමට පහසු වේ.
• උසස් අධ්යාපනයට අත්යවශ්ය වීම: විශ්වවිද්යාලවල පැවරුම් (Assignments) සහ පර්යේෂණ සඳහා ICT දැනුම අත්යවශ්ය වේ.
කිසිසේත්ම ICT විෂය අමාරු විෂයක් නොවේ!
ICT විෂය තෝරාගැනීමේදී ඇතැම් සිසු සිසුවියන් අනවශ්ය භීතියක් දක්වනුයේ ප්රධානතම විෂයයන් වන ඉංග්රීසි සහ ගණිතය විෂයයන් කෙරෙහි දක්වන උදාසීන භාවයයි. එහෙත් මෙම විෂය සඳහා අවශ්ය වනුයේ සාමාන්ය ඉංග්රීසි ගණිත දැනුමක් පමණි.
විෂය අන්තර්ගතය සඳහා ලිඛිත සටහන් සහ ප්රායෝගික ක්රියාකාරකම් අන්තර්ගත වන අතර මෙම විෂය අධ්යයනය කිරීම ඉතාම පහසු වන අතරම විෂය කරුණු පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාවද පවතී. මන්දයත් මෙම විෂය ප්රායෝගික විෂයක් වීම මෙහිදී මතකයට නැගිය යුතු වේ.
• ලෝකය වෙනස් වී ඇත: එදා අකුරු නොදැන සිටීම නූගත්කම වූ අතර අද තාක්ෂණය නොදැන සිටීම 'තාක්ෂණික නූගත්කම' වේ.
• ICT කියන්නේ මහන්සි වීමක් නෙවෙයි, නිර්මාණශීලී සෙල්ලමක්: පරිගණකයෙන් චිත්රයක් ඇඳීම, කුඩා ඇනිමේෂන් සෑදීම දරුවාට පීඩනයක් නොව විනෝදාංශයකි.
• O/L වෙනකල් සිටීම ප්රමාද වැඩියි: 6 වසරේ සිට ඉගෙන ගැනීමෙන් ICT විෂය දරුවාට 'ජීවන කුසලතාවයක්' (Skill) බවට පත් වේ.
• මොළයේ වර්ධනය සහ තාර්කික චින්තනය: පොඩි කාලයේ සිටම තාර්කිකව සිතීමේ (Logic) හැකියාව සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය වේ.
• 'A' සාමාර්ථයකින් එහා ගිය වටිනාකම: ලේසි විෂයකින් A එකක් ගැනීමට වඩා ICT වලින් ලබන සුදුසුකමට අනාගත රැකියා වෙළඳපොළේ ඉහළ පිළිගැනීමක් ඇත.
• කටපාඩම් කරන විෂයක් නොවේ: ICT යනු තර්ක කරන සහ ප්රායෝගික විෂයයකි. හරියට අවබෝධ කරගත් විට ලකුණු ගැනීම ඉතා පහසුයි.
• උසස් පෙළ (A/L) සඳහා අඩිතාලම: A/L වලදී ඕනෑම විෂය ධාරාවක් සමඟ ICT කිරීමටත්, IT උපාධියකට යොමු වීමටත් පදනම වැටේ.
• පැහැදිලි ලකුණු දීමේ ක්රමය (Marking Scheme): ගණිතය මෙන්ම නිවැරදි පියවර සඳහා සම්පූර්ණ ලකුණු හිමි වේ.
• AI යනු මෙවලමක් (Tool): AI විසින් ICT රැකියා නැති නොකරයි; AI භාවිතා කරන පුද්ගලයා විසින් AI භාවිතා නොකරන පුද්ගලයාව ප්රතිස්ථාපනය කරයි.
• AI පාලනය කරන්නේ ICT දැනුම ඇති අයයි: AI පද්ධති නිර්මාණය කිරීමට, නඩත්තු කිරීමට සහ ඒවාට නිවැරදි විධාන (Prompts) දීමට ICT දැනුම අවශ්ය වේ.
• ICT උපාධියක වටිනාකම වැඩි වීම: Data Science, Cyber Security, AI Engineering වැනි ක්ෂේත්ර උගන්වන බැවින් උපාධියේ වටිනාකම තවත් වැඩි වී ඇත.
• නව රැකියා අවස්ථා බිහි වීම: Prompt Engineer, AI Auditor, AI Developer වැනි අලුත් රැකියා දහස් ගණනක් බිහි වේ.
• ද්විභාෂා ප්රවේශය (Bilingual Approach): මුලින් මව්භාෂාවෙන් (සිංහලෙන්) සංකල්පය තේරුම් ගෙන තාක්ෂණික වචන ඉංග්රීසියෙන් මතක තබා ගැනීම වඩාත් සාර්ථකයි.
• විභාගයේදී ලැබෙන පහසුව (Dual Language Paper): O/L ප්රශ්න පත්රය සිංහල සහ ඉංග්රීසි දෙකෙන්ම ලැබෙන බැවින් සිංහල මාධ්යයේ දරුවන්ට වැඩි වාසියක් ඇත.
• තර්කය (Logic) වැදගත් වේ: විෂය කරුණු මව්භාෂාවෙන් තේරුම් ගැනීමෙන් දරුවාගේ බිය නැති වී උනන්දුව වැඩි වේ.
• Programming වලදී භාෂාව එකමය: සිංහල හෝ ඉංග්රීසි මාධ්ය දෙකෙහිම Coding කරන්නේ එකම ඉංග්රීසි භාෂාවෙනි.
• භාෂාව සහ තාර්කික කුසලතාව වෙනස් දෙකකි: ICT වලට අවශ්ය වන්නේ ඉංග්රීසි ව්යාකරණ (Grammar) නොව ගැටලු විසඳීමේ තාර්කික හැකියාවයි (Logic).
• සීමිත වචන මාලාවක් භාවිත වේ: Input, Output, Storage, Processing වැනි වචන කිහිපයක් පමණක් නිතර භාවිතා වේ.
• ඉංග්රීසි දැනුම දියුණු වේ: ICT ඉගෙන ගැනීමේදී නොදැනුවත්වම ඉංග්රීසි තාක්ෂණික වචන වලට හුරු වේ.
• සංකේත සහ රූප සටහන්: පරිගණකය ක්රියා කරන්නේ බොහෝ දුරට සංකේත (Icons) සහ රූප සටහන් මත බැවින් මූලික දැනුම ප්රමාණවත්ය.
• විභාගය පැවැත්වෙන ආකාරය: O/L විභාගයේදී පරිගණකයක් ඉදිරියේ ප්රායෝගික පරීක්ෂණ නැත; ප්රායෝගික කොටස් එන්නේ ලිඛිත ප්රශ්න පත්රයටයි.
• Smart Phone එක භාවිතා කළ හැක: Coding, Office Packages සහ Graphics සඳහා අවශ්ය ඇප්ස් ස්මාර්ට් ෆෝන් එකෙන් භාවිතා කළ හැක.
• සමූහ ප්රායෝගික වැඩ (Group Practicals): පන්තියේදී කණ්ඩායම් ලෙස පරිගණක අත්දැකීම ලබා ගත හැක.
• මුලින් දැනුම, පසුව උපකරණ: වැදගත් වන්නේ දරුවාගේ ඔළුවේ තියෙන තාක්ෂණික දැනුමයි.
• 'භාවිතා කරන්නා' වෙනුවට 'නිර්මාණය කරන්නා' (User vs Creator): දරුවා ඇප් හෝ ගේම් නිර්මාණය කිරීමට ඉගෙන ගත් විට නිකම් ගේම් ගැසීමට ඇති උනන්දුව අඩුවේ.
• Parental Controls භාවිතය: Google Family Link වැනි ඇප්ස් මඟින් දරුවාගේ ෆෝන් භාවිතය සහ වේලාව දෙමාපියන්ට පාලනය කළ හැක.
• අධ්යාපනික මෙවලමක් ලෙස හුරු කිරීම: පන්තියේ Assignment කිරීම සඳහා ෆෝන් එක භාවිතා කිරීමෙන් එය අධ්යාපනික උපකරණයක් බවට පත් වේ.
• විනයගරුක තාක්ෂණික භාවිතය (Digital Literacy): අනාගතයට බිය නොවී අධීක්ෂණය යටතේ නිවැරදි භාවිතය කුඩා කල සිටම පුහුණු කළ යුතුය.
• Google Family Link: Screen time පාලනය, Apps ස්ථාපනයට අවසර ගැනීම, Location බැලීම සහ Auto Lock කිරීම.
• YouTube Kids & Restricted Mode: නුසුදුසු වීඩියෝ දරුවන්ට පෙනීම වැළැක්වීම.
• SafeSearch (Google Chrome): අන්තර්ජාල සෙවුම් වලදී නුසුදුසු අන්තර්ගතයන් අවහිර කිරීම.
• Microsoft Family Safety: පරිගණක සහ ලැප්ටොප් සඳහා ආරක්ෂාව සහ කාල සීමා පැනවීම.
• උසස් පෙළ GIT విෂය හරහා විභාගයට අති සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව.
• විශ්ව විද්යාල අධ්යයන කටයුතු වලදී ද මෙම විෂය පදනම් පාඨමාලාවක් ලෙස විශ්ව විද්යාල පළමු වසරේදී සියලුම විශ්ව විද්යාල තුල උගන්වනු ලබන අතර මෙහිදී ද, ළමයා පාසල තුල ICT විෂය හදාරා තිබීම තුලින් ලැබෙන මූලික පරිගණක දැනුම මහත් ප්රයෝජනයක් වනු ඇත.
• තවද, විශ්ව විද්යාල සහ උසස් අධ්යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ගේ අනාගත අධ්යයන කටයුතු සඳහා මෙම විෂයය හැදෑරිම මහත් ප්රයෝජනවත් වනු ඇත.
• වර්තමානයේ උසස් වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට පරිගණක දැනුම අත්යවශ්ය වන අතරම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි, රැකියා අපේක්ෂකයින් හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරා තිබීම රැකියාවක් ලබා ගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත.
• හැකර් වරුන්ට හසු නොවී නිවැරදිව තාක්ෂණය භාවිතයෙන් එදිනෙදා වැඩ පහසු කරගැනීමට හැකිය.
• විශ්ව විද්යාල අධ්යයන කටයුතු වලදී පරිගණකය ආදාරයෙන් පැවරුම් සිදුකිරීම, ව්යාපෘති වාර්තා සැකසීම පහසුවෙන් සාර්ථකව සිදු කිරීමට හැකිවීම.
• LMS එක (විශ්ව විද්යාලය තුල ඇති ඉගැනුම් කළමනාකරණ පද්ධතියක්) නිවැරදිව භාවිතාකර ඕනෑම තැනක සිට විවිධ විෂයන්වල සටහන් ලබාගැනීම පැවරුම් upload කිරීම ව්යාපෘති බාරදීමට හැකිවීම.
• පරිගණකය හරහා සිදුකරන විෂය සමගාමී ක්රියාකාරකම් මෙන්ම විෂය බාහිර ක්රියාකරකම්ද සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව.
ඔබ සෙවූ වචන වලට අදාළ ප්රශ්න හමුවූයේ නැත
වෙනත් වචනයක් භාවිතා කර නැවත සූචනය කර බලන්න හෝ WhatsApp මඟින් විමසන්න.
ඔබට මෙහි නොමැති වෙනත් ප්රශ්නයක් තියෙනවද?
ගයාන් කරුණාතිලක සර් වෙතින් සෘජුවම කරුණු පැහැදිලි කරගැනීමට WhatsApp පණිවිඩයක් එවන්න.